Saturday, October 5, 2013

සපරගමු දර්ශන




            අප රටේ සිටි වියත් සඟ රුවනක් වන රාජකීය පණ්ඩිත කිරිඇල්ලේ ඤාණවිමල හිමිපාණන් විසින් අපමණ දුක් විදිමින් සපරගමුවේ බෞද්ධ උරුමය තහවුරු කිරීම මෙම ග්‍රන්ථයෙන් පැහැදිලි වේ.එතුමන් විසින් කෙරූ මේ කාර්යය නොවන්නට අද ආක්‍රමණකාරී මුසල්මානයන් මුළු සපරගමුවේ ම බෞද්ධ උරුමය වනසනු ඇත.කුරගල පවා අද බේරාගැනීමට හැකිව තිබෙන්නේ එදා මෙතුමන් මුසල්මානයන්ගේ බොරු චෝදනා මධ්‍යයේ කෙරූ දුෂ්කර කටයුතු නිසාය. (මුද්‍රිත පිටපත් සොයා ගැනීමට නොමැත.දශක හතරකට පෙර පළවූවකි.)

Friday, October 4, 2013

සිංහල ගොවිතැන


පණ්ඩිත මැදඋයන්ගොඩ විමලකීර්ති හිමි විසින් රචිත මෙම ග්‍රන්ථය 1950 දශකයේ මුලින්ම පල වූවකි.අතීත සිංහල ගොවිතැන ගැන රචිත අගනා ග්‍රන්ථයකි. (ගොඩගේ ප්‍රකාශන-2002-පනස් වසරකට පසු නිකුත්කළ දෙවන මුද්‍රණයේ පිටපත් අවසන් වී ඇත.)

ජවිපෙ ශ්‍රීලනීප එජාප සහ ක්‍රිස්තියානි මූලධර්මවාදය



කොලට් සේනානායක සහ නාරද කරුණාතිලක විසින් රචිත මෙම ග්‍රන්ථය බෞද්ධයන් බලහත්කාරයෙන් ක්‍රිස්තියානි කිරීම ගැන කියවෙයි. (වත්මන වනවිට මුද්‍රිත පිටපත් සොයාගැනීමට නොමැතිව ඇති දුර්ලභ වැදගත් කරුණු කාරණා රාශියක් එළිදරවු කළ ග්‍රන්ථයකි.මුද්‍රණය 2004 .බෝධි ප්‍රකාශනයකි.)

JVP, SLFP,UNP saha Kristhiyani Muladharmawadaya by sinhalaebooks

මූලික අයිතිය පෙන්වා උත්තරීතර අයිතිය පැහැර ගැනීම


ආචාර්ය අධිනීතිඥ හරිස්චන්ද්‍ර විජයතුංග විසින් රචිතයි.මූලික අයිතිය පෙන්වා මෙරට සැබෑ උරුමක්කාරයින් වූ සිංහල බෞද්ධයන්ගේ උත්තරීතර අයිතිය නැතිකරන්නේ කෙසේද යන්න මෙහි දී පෙන්වා දෙයි.සෑම සිංහල බෞද්ධයෙකු විසින්ම කියැවිය යුතු ග්‍රන්ථයකි. (1996 දී පළවූ ග්‍රන්ථයකි.ගොඩගේ ප්‍රකාශනයකි.මුද්‍රිත පිටපත් නොමැත.)

Mulika Ayithiya Penwa uththareethra Ayithiya Pahara Ganeema by sinhalaebooks

භික්ෂුවගේ උරුමය



ආචාර්ය වල්පොළ රාහුල හිමියන් විසින් රචිත මෙම ග්‍රන්ථය අතීතයේ සිට පැවත එන සිංහල බෞද්ධ භික්ෂුවගේ උරුමය පැහැදිලි කරයි.භික්ෂුවට දේශපාලනය සුදුසුද නැද්ද? යන්න මෙහිදී සාකච්ඡා කරයි.1815 ගිවිසුම බිරිතානීන් විසින් අමු අමුවේ උල්ලංඝනය කරමින් බුදුදහම විනාශයට ගත් ක්‍රියා මෙහි සාක්ෂි සාධක සහිතව දක්වයි. (1940 දශකයේ මුල් වරට පළවූවකි.නව මුද්‍රණය ගොඩගේ ප්‍රකාශකයන් විසිනි.පිටපත් වෙළෙදපොලේ ඇත.ජාතික වැදගත්කම සලකා අන්තර්ජාලයට එක්කර ඇත.)

Bhikshuwage urumaya by sinhalaebooks

අග්ගඤ්ඤ සුත්‍රය



අග්ගඤ්ඤ සුත්‍රය -ලෝකයේ හටගැනීම සහ මනුෂ්‍ය සමාජයේ පරිණාමය ගැන කියැවෙන අසිරිමත් සුත්‍රයකි.ආචාර්ය විලේගොඩ අරියදේව හිමියන් විසින් රචිතයි. (බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ දී පමණක් මිලදී ගැනීමට ඇත.)

Aggangnga Suthraya by sinhalaebooks

කුක්කුර ජාතකය



බෞද්ධ දේශපාලන දර්ශනය ගැන කියවේ.(බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ දී පමණක් මිලදී ගැනීමට ඇත.)

Kukkura Jathakaya by sinhalaebooks

කුලාවක ජාතකය



බෞද්ධ දේශපාලන දර්ශනය ගැන කියවෙන ජාතක කතාවකි.ආචාර්ය විලේගොඩ අරියදේව හිමියන් විසින් රචිතයි.(බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ දී පමණක් මිලදී ගැනීමට ඇත.)

Kulawaka Jathakaya by sinhalaebooks

මහා සුපින ජාතකය (කොසොල් රජු දුටු සිහින දහසය)




මෙහි සඳහන් වන්නේ කොසොල් රජු දුටු සිහින 16 වේ.(බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ දී පමණක් මිලදී ගැනීමට ඇත.)

Maha Supina Jathakaya by sinhalaebooks

ගණ්ඩතින්දු ජාතකය



ගණ්ඩතින්දු ජාතකය - ආචාර්ය විලේගොඩ අරියදේව හිමි.
මෙයින් කියවෙන්නේ බෞද්ධ දේශපාලන දර්ශනයයි.(බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ දී පමණක් මිලදී ගැනීමට ඇත.)

Gandathindu Jathakaya by sinhalaebooks

අනගාරික ධර්මපාල අපදානය



කේ.බී සුගතදාස විසින් රචනා කරන ලද අනගාරික ධර්මපාල අපදානය.මෙය අනගාරික ධර්මපාල භාරකාර මණ්ඩලයේ ප්‍රකාශනයකි.(මිලදී ගැනීමට ඇත්තේ මරදානේ අනගාරික ධර්මපාල භාරකාර මණ්ඩලයෙන් පමණි.මුද්‍රණ වියදම පමණක් සලකා මිල(රු 150) නියම කර ඇති බැවින් වෙළෙදපොලේ ලබාගැනීමට නැත.ප්‍රථම වරට පළවුයේ 1986 දීය.දෙවන මුද්‍රණය 2005 දීය.)

Anagarika Dharmapala Apadanaya by sinhalaebooks