Friday, May 2, 2014

ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් ව්‍යාපාරය සහ සිංහලයාගේ අනාගතය


1815 ට පෙර මේ රට සුද්දන්ට ගිවිසුමකින් භාරදෙන විට එය සිංහලේ විය.සුද්දන් මේ රටින් යනවිට ඔවුන් ඔවුන්ම බිහි කළ කලු සුද්දන්ට භාර දී ගියේ ලංකාවක්ය.සිංහල රට සිංහලයාට අහිමි විය.තම ජාතික අනන්‍යතාවය ඔවුන්ට අහිමිවිය.අද කලු සුද්දන් ඔවුන්ගේ කාර්යය ඉතා හොඳින් කර ඇත.1815 ගිවිසුම පර සුද්දන් අමු අමුවේ උල්ලංඝනය කරන්නට විය.එහි ප්‍රතිඵලය වූයේ 1818 විමුක්ති සටනයි.මේ ඉතා දරුණු අන්දමින් මැඩ පැවැත්වූ ඔවුන් එදා අපමණ අහස පොළොව නුහුලන අපරාධ සිදු කළහ.සිංහලයාගේ වගා බිම්,ගෙවල් ගිනිතබමින් ,ගවයින් මරා කමින් කළ මේ අපරාධයේ ප්‍රතිඵලය පසුව හටගත් සාගත වලින් හා වසංගත වලින් තවත් දරුණු විය.මෙදා කොටි ත්‍රස්තයින් මැඩ පැවැත්වූයේ ඔවුන්ටත් එහි සිටි ජනතාවටත් අවශ්‍ය බෙහෙත් කෑම බීම යවමින්ය.මෙවන් අවස්ථාවක දී අපෙන් මානව හිමිකම් උල්ලංඝනය වුවා යයි පවසන්නේ එසේ කියමින් ජාත්‍යන්තර පරීක්ෂණ ඉල්ලන්නේ එදා සිංහලයා අමු අමුවේ මරා දැමූ පර සුද්දන්මය.මොවුන්ගේ කුහක වත අමුතුවෙන් කිව යුතුද?සිංහලයාගේ ඉඩම් රාජසන්තක කෙරුණි.අද වැවිලිකරුවන් ඉන්දියානු දෙමළ පිරිස සහ මුසල්මානයන් වැජබෙන්නේ මේ සිංහලයාගේ ලෙයින් සාරවත් වූ මේ ඉඩම් වලය.සිංහලේ ඉඩම් වල අයිතිය තිබුනේ රජුටය.රටේ තැනින් තැන යමින් ජීවත් වූ මුසල්මානයන්ට හා චෙට්ටීන්ට ඉඩම ගැනීමට හැකිවන පරිදි සිංහල ජනතාවට නොදන්වා 1821 දී එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරවරයා හොර රහසේම ඉංග්‍රීසියෙන් ගැසට් නිවේදනයක් එලියට දැම්මේය.අද සිංහලයා පත්ව ඇති ශෝචනීය තත්වයට මෙය ප්‍රධානම හේතුව නොවන්නේද?අද එදා සිංහලේදී සිංහල සංස්කෘතියට ,සිංහල සිරිත් වලට අනුගත වී හෙළයෙකු නොවන තාක් සිංහලයට වැද්ද නොගත් එදා අහිගුන්ටකයින් ලෙස තැනින් තැන යමින් ජීවත් වූ පරදෙශක්කාරයින්ට අද බන්දේසියක තබා ඉඩම් ලබා දෙන්නේය.සුළු ජනවර්ග වල අයිතිය ගැන බෙරිහන්දෙන සමාජවාදී මුග්ධයන්ට තමන්ගේම ඉඩම්වල හිමිකම් නොමැති වූ පර දේශිකයින් අතර අසරණ වූ සිංහලයින් පෙනෙන්නේ නැත.

මේ කෘතිය පළකරන්නේ තමාගේ භූමියේම අසරණ වූ සිංහලයන් ගැන කතාකරන්නටය.අපගේ වාසනාවට මේ භුමියෙහි පහල වූ තවත් ශ්‍රේෂ්ට පඬි රුවනක් වන මහාචාර්ය තෙන්නකෝන් විමලානන්ද යන් මෙහි කතෘ තුමන්ය.අපමණ වෙහෙස දරා මෙවන් කෘතීන් පළ කල එතුමාගේ උත්සාහය මෙසේ පළ කර සිටින්නෙමු.

මේ එතුමා ගැන පුවත් පතෙක පළ වූ ලිපියක්
(උපුටා ගැනීම පොතකින් පෙත්තක් දිනමිණ)

" මහාචාර්යතුමා උඩරට මහ කැරැල්ල ප්‍රමුඛ කෘති ලිවීම සඳහා කරුණු ගවේෂණය කරන්නට ලන්ඩන්, එඩින්බරෝ, පැරිස්, හේග්, ලිස්බන් ආදි කෞතුකාගාරවල ලේඛන පරීක්ෂා කළා. ඔහු වරක් මේ අත්දැකීම් හෙළිදරව් කළේ මේ අයුරින්.
“මම මාස ගාණක් මියුසියම් එකෙයි, කොලෝනියල් ඔෆිස් එකෙයි පබ්ලික් රැකෝඩ් ඔෆීස් එකෙයි වාඩිවෙලා පිටු දහස් ගණනක් පිටපත් කළා. ඔය උඩරට කැරැල්ලේ ලේඛන පිටපත් කරගෙන යනකොට දවසක් මං ලිය ලිය හිටි කඩදාසියේ තැන් තැන්වල ලේ පැල්ලම්. කඩදාසියටම මගේ සුළඟිල්ල මැදිලා හම ගිහිල්ලා එදා ලේ ඇවිත්.”
මෙවන් වූ වෙහෙසක් දරා අපගේ සැඟවුණු ඉතිහාසය එලි කළ මේ උත්තරීතර පුරුෂයාට අවසානයේ අත් වූ ශෝචනීය ඉරණම ඉහත ලිපිය රචනා කළ සුනිල් මිහිඳුකුලයන් පවසන්නේ මෙසේය.

" මහාචාර්ය විමලානන්ද අවසාන කාලය ගත කළේ ඉතාම දුක්ඛිතව එතුමාට විශ්‍රාම වැටුපක්වත් අර්ථසාධක අරමුදලක් වත් තිබුණේ නැති නිසා ජීවත් වුණේ හරිම අමාරුවෙන්. එතුමා තමන්ගේ කාර් එක වික්කා. බැරිම තැන තමාගේ පෞද්ගලික පුස්තකාලයේ තිබුණ අතිශය වටිනා පොත් එකින් එක විකුණන්න පටන් ගත්තා. ඒක තමයි මෙරට බුද්ධිමතුන්ගේ ඛේදවාචකය. එතුමාගේ ජීවිතය දිහා බලද්දි ‘මොකටද ඔය තරම් ඉගෙන ගන්නේ’ කියලා හැඟීමක් කිසියම් පාසල් සිසුවකුට ඇති වුණොත් ඒක පුදුම වෙන්න කාරණාවක් නෙමෙයි.

රටට ජාතියට අප්‍රමාණ මෙහෙවරක් ඉටුකළ මෙවන් සත්පුරුෂයන් අවසානයේ කලකිරීමෙන් යුතුව මිය පරලොව ගියා. ඒ තමයි මේ කොදෙව්වේ මුස්පේත්තුකම; කාලකණ්ණිකම."

අපටත් කියන්නට ඇත්තේ ඒ ටිකමය


"ඒ තමයි මේ කොදෙව්වේ මුස්පේත්තුකම; කාලකණ්ණිකම".

(මේ කෘතිය පළ වන්නේ මීට දශක හතරකට පෙරය.මුද්‍රිත පිටපත් වෙළෙඳපොළ සොයාගැනීමට නැත.)


මහාචාර්ය තෙන්නකෝන් විමලානන්දයන්

ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් ව්‍යාපාරය සහ සිංහලයාගේ අනාගතය by sinhalaebooks