Tuesday, March 24, 2015

සිංහලයේ සංහාරය -2- ලක් රජය හා බුද්ධාගම



මහාචාර්ය තෙන්නකෝන් විමලානන්ද වූ කලී සිය ජාතභූමිය වූ සිංහලේ උන්නතිය උදෙසා කටයුතු කිරීමට දීර්ඝ කාලයක් යෙදවූ පුද්ගලයෙකි.

සිංහලේ රාජ්‍යයට ඉංග්‍රීසින් කළ විනාශය අනාවරණය කොට,සිංහලයන් අවදිකරවා ඔවුන්ගෙන් උදුරාගනු ලැබූ අයිතිවාසිකම් යළි ලබාගනු වස් සිංහලයන් යොමු කිරීම ඔහුගේ අභිප්‍රාය වූයේය.ඒ වෙනුවෙන් පත පොත ලියූ මහාචාර්ය තෙන්නකෝන් විමලානන්ද මැතිතුමා "සිංහලයේ සංහාරය" නමින් ග්‍රන්ථමාලාවක් ලියා පළ කිරීමට අදහස් කරගෙන සිටියේය.

ග්‍රන්ථ නවයකින් සමන්විත එම ග්‍රන්ථ මාලාවෙන් එතුමාට ලියා පළ කිරීමට හැකිවුයේ පොත් තුනක් පමණි.මේ එහි දෙවන ග්‍රන්ථයයි.

ලක් රජය සහ බුද්ධාගම ග්‍රන්ථය, එදා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව මගින් පත්කරන ලද හිටපු අගමැතිවරුන් තිදෙනෙකුගෙන් (ශ්‍රීමත් රොබර්ට් පීල් ,එඩ්වර්ඩ් ග්ලැඩ්ස්ටන් සහ බෙන්ජමින් ඩිස්රෙයලි)යුත් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු විශිෂ්ට කොමිටිය ,ලක් රජය හැම කල්හිම බුද්ධාගම රැකීමට බැඳී ඇති බව පිළිගැනීම පිළිබඳ වාර්තාව ඉදිරිපත් කරයි.

"තුන්සිය වසක් තිස්සේ බලවත් අධිරාජ්‍යයන් කීපයක් සමග නොනැවතී දරුණු සටනක යෙදෙමින්,තම ප්‍රතාපවත් භාවය,රණ ශුරත්වය ,ජාත්‍යානුරාගය,ආගම භක්තිය හා එකමුතුකම ලොව හමුවෙහි ප්‍රදර්ශනය කළ අභිමානවත් කන්ද උඩරට වැසියාගේ ජාතික නිදහස මත පැටවී ඇති අන්ත දුෂිත,දුෂ්ට,ද්‍රවිඩ බලය මෙරටින් පහකර දැමීමේ උදාර ව්‍යාපාරයන්ට සහාය දීමේ විපාක වශයෙන් ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ කෘර නියෝගය පිට මරාදමන ලද තෙරුන් වහන්සේලාත්,ඉර නොබසින අධිරාජ්‍යයේ අසම සම යුද බලකායන්ට එරෙහිව කන්ද උඩරට වීරෝදාර ජනතාව අවුරුද්දකටත් වැඩි කාලයක් තිස්සේ ගෙන ගිය ප්‍රථම සිංහල ජාතික නිදහස් සටනේ දී ,තම ගිහි සිංහල පින්වතුන්ට ඔත්තු සැපයීම,ආරක්ෂාව සැලසීම,වැසියන් උනන්දු කිරීම,ආහාර පාන අවි ආයුධ සහ වියහියදම් සපයා දීම ,ජය පතා දෙවි දේවතාවුන් යැදීම ආදී වශයෙන් නන් අයුරින් සහභාගී වීම හේතුකොට ගෙන මරණ දඬුවම් පහරදීම් පිටුවහල් කිරීම් ආදී අනේකවිධ නින්දා අපරාධයන්ට ගොදුරු කරනු ලැබූ කන්ද උඩරට ශ්‍රේෂ්ඨ බුද්ධ පුත්‍රයන් වහන්සේලාගේ අවංක ,අකලංක උදාර ආත්ම පරිත්‍යාගයන් උදෙසා කරනු ලබන අත්‍යල්ප පුජෝපහාරයක් වශයෙන් භක්ති ප්‍රණාම පුර්වකව උන්වහන්සේලාගේ ශ්‍රී නාමයට මේ පොත ඔප්පු කරනු ලැබේ."

ඒ තෙන්නකෝන් විමලානන්ද යන්ගේ පිදීමයි.අපද එලෙසම ඒ උත්තරීතර සිංහල සඟ පරපුර වෙනුවෙන් මෙය පුදකරන්නෙමු.


මුද්‍රිත පිටපත් වෙළෙඳපොලේ සොයාගැනීමට නොමැත.1970 දී පළවූවකි.ගුණසේන ප්‍රකාශනයකි.

sinhala sanharaya 2 by අපේ පොත් එකතුව