Wednesday, June 28, 2017

කුල භේදයට එරෙහිව නැගී සිටි බෞද්ධ පුනර්ජීවයේ නිර්මාතෘ වූ ආචාර්ය අම්බෙඩ්කාර්තුමා‍

ඒ.ආර්. ඇම්.ටී.බී.රත්නායක විසිනි



මීට වසර පනස් හතරකට පෙර, භාරතයේ මහාරාෂ්ට්‍ර ජනතාවට අති විශිෂ්ට දිනයක් උදා වීය. ඒ නම්, භාරතයේ මහාරාෂ්ට්‍රයට එක් රැස් වු දහස් ගණන් මහාර් කුලහීනයන් (ස්පර්ශ නොකළ යුත්තන්) හෙවත් මහත්මා ගාන්ධිතුමා විසින් “හරිජන්” (දෙවියන් ගේ දරුවෝ) නමින් හඳුන්වනු ලැබූ ජනකොටස, හින්දු ආගම සහමුලින්ම අත්හැර, ආචාර්ය බී.ආර්.අම්බෙඩ්කාර් තුමාගේ නායකත්වය යටතේ බුදු දහම වැළඳ ගනු ලැබුවේ 1956 ඔක්තෝබර් 14 වන දින වන නිසාය.

මෙම කුලහීන ජන කොටස තුළින් ඉස් මතු වු අම්බෙඩ්කාර් තුමා මහාර් බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරයේ නායකයා වූවා පමණක් නො ව, අග්‍රගන්‍ය බුද්ධිමතෙකු හා නීතිවේදියකු ද වූ එතුමා 1950 ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිර්මාතෘවරයා ද වූවේය. එම ව්‍යවස්ථාවේ 17 වන වගන්තියෙන් ස්පර්ශ නොකළ යුත්තන් (untouchables) යනුවෙන් ජන කොටසක් වෙන්කොට තැබීම සම්පූර්ණයෙන්ම තහනම් කරනු ලැබූ අතර, 1955 කුලහීන (වැරැදි පිළිබඳ) පනතින්, එවැනි ප්‍රතිපත්තියක් තවත් දුර පවත්වාගෙන යන්නන්හට බරපතළ දඬුවම් නියම කරන්නට ද යෙදුණි.

මහාරාෂ්ට්‍රයේ හරිජන් ජනගහනයෙන් බහුතරය වූවේ මහර්වරුන්ය. ඔවුන් අතරින් ප්‍රබල ස්තම්භයක් මෙන් නැගී සිටි අම්බෙඩ්කාර්තුමා තම ජන කොටසට සමාජ සාධාරණය අත් පත් කර දීම සඳහා ගත හැකිව තිබුණු සියලුම පියවර ගත්තේය.

කුල ක්‍රමයේ පහත්ම මට්ටමක සිටි හරිජන් ජනතාව තුළ සංකල්පවේදීය වෙනසක් ඇති කොට කුලවාදය (වර්ණ) අනුව ජනතාව වෙන් කොට සැලකීම ඉන්දියානු සමාජයෙන් අතුගා දමන්නට අම්බෙඩ්කාර් තුමා කටයුතු කළේය.

කුලවාදය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බුදුදහම හරිජන්වරුන් ට හොඳ සෙවනක් වීම පුදුමයක් නො වීය. ඉන්දියානු හරිජන්වරු නිරන්තරයෙන්ම පිළිකුලෙන් යුතුව සමාජයෙන් කොන් කරනු ලැබූහ. මහාර් බෞද්ධ ව්‍යාපාරයට නව පණක් එක්කරමින් 1920 දී පමණ අම්බෙඩ්කාර්තුමා එහි නියමුවා වන තෙක්, හින්දු සමාජයේ හරිජන්වරුන් ට හිමි වූයේ “ අපවිත්‍ර” යැයි සැලකුණු වැඩ කටයුතුවල නිරත වීම පමණක් වූ අතර, ජීවත් වූවේ ද ගම් අද්දරවලට සීමා වී ය. කුලවත් හින්දුවරුන් සමග කිසිඳු සබඳකමක් පවත්වන්නට ඔවුන්ට ඉඩක් නො ලැබුණා පමණක් නොව හින්දු සිද්ධස්ථාන වලටද ඔවුන්ට ප්‍රවේශයක් නො ලැබුණි.

මෙවැනි සමාජ අසාධාරණකම් හා සීමාවන් රහිත, ක්‍රිස්තියානි, මුස්ලිම් වැනි ආගම් කෙරෙහි ඔවුන් ගේ අවධානය ක්‍රම ක්‍රමයෙන් යොමු වන්නට යෙදුණත්, එය එකම ප්‍රයත්නයක් වශයෙන් සිදු නො වුණි. අම්බෙඩ්කාර් තුමා යටතේ එකම දිනක දහස් ගණනින් රොක්වී එකවර බුදුදහම වැළඳ ගැනීම අතිශයින්ම ආශ්චර්යවත් සිදුවීමක් වීය.

මේ සුවිශේෂ බෞද්ධ පුනරුදයේ නියමුවා වූ අම්බෙඩ්කාර් තුමා හරිජන්වරුන් අතරින් විශ්වවිද්‍යාලයකින් උපාධියක් ලැබූ පළමුවැන්නා වීය. කොලම්බියා හා ලන්ඩන් විශ්ව විද්‍යාලවලින් ද උපාධි ලැබූ එතුමා අධිනීතිඥවරයෙකු වශයෙන් සුදුසුකම් ලත් පළමු මහාර් ජාතිකයා ද වීය.

එතුමා ගේ ග්‍රන්ථ අතර, “බහිෂ්ක්‍රිට් භාරත් “ (Bahishkrit Bharat ) නම් විශිෂ්ට ගණයේ ප්‍රකාශනය, හරිජන්වරුන්, අතර මහා දෘෂ්ටිවාදි අවදිවීමකට තුඩු දුනි. එතුමා හරිජන්වරුන්ට ද, මහජන ජල සැපයුම් වලට හා හින්දු සිද්ධස්ථානවලට සමාන ප්‍රවේශයක් ඉල්ලා සත්‍යග්‍රහ ව්‍යාපාර මෙහයවීය. එතුමා ගේ ව්‍යාපාරය හින්දු සමාජ ක්‍රමය අභියෝගයට ලක් කළ අතර, හින්දුවරුන් සමග සමානත්වයෙන් ජීවත්වීමේ අයිතිය ඉල්ලා සිටියේය.

බුදුදහමට, මහාර්වරුන් ගේ ඉතිහාසය සමඟ නො බෙදිය හැකි සම්බන්ධතාවක් ඇති බැව් අම්බෙඩ්කාර්තුමා දුටුවේය. මන්ද, බුදුන් වහන්සේ ජිවමානව වැඩ විසූ සමයේ දී ද ඔවුහු බුදුදහම වැළඳගෙන සිටියහ. බෞද්ධ ශිෂ්ටාචාරය පිළිගත් නාග ජනතාව වූවේ ඔවුන් ය. 1956 බෞද්ධාගම වැළඳ ගැනීමේ මහා ව්‍යාපාරය දියත් කෙරුන මධ්‍යස්ථානය වූවේ ද නාග්පූරීය. ඒ අනුව ඔවුනගේ බෞද්ධාගම වැළඳ ගැනීම වෙනෙකක් නොව මෙම ඓතිහාසික ශිෂ්ටාචාරය නැවැත පිළිගැනීමකි.

ඉන්දියාවේ සිටි වයෝවෘද්ධම හා බොහෝ පුජනීය භික්ෂූන් වහන්සේ නමක් වූ චන්ද්‍රමානි මහාස්ථවීරයානන් වහන්සේ විසින් බුදුදහමේ පිහිටවනු ලැබූ අම්බෙඩ්කාර් “ මම බුදුන් සරණ යමි, මම දහම් සරණ යමි, මම සඟ සරණ යමි” යනුවෙන් කියත්ම “ ජයා බුද්ධා, ජයා භිම් “ (අම්බෙඩ්කාර්) යන ජනඝෝෂාව මහාරාෂ්ට්‍ර ගගන තුළ ගිගුම් කෑවේය.

අම්බේඩ්කාර්තුමා තිසරණ සරණයාමෙන් පසු, ඔහු විසින්ම සිය ජනතාව පංචශීලයේ පිහිටුවනු ලදී .මෙලෙස බුදුදහම වැළඳගත් බුද්ධිමතකු වූ ශැන්කාරෝ බාරත් හිටපු මහාර්වරුන්ගේ හැඟීම් මැනවින් ප්‍රකාශ කරන්නට යෙදුනේ! මෙසේය. “ මම බෞද්ධ ධර්මය පිළිගතිමි.

දැන් මම මහාර්වරයෙක් මෙන්ම හින්දු භක්තිකයෙක් ද නො වෙමි. මම පාරිශුද්ධ මිනිසෙකි... මම තවත් දුර, උසස් කුල හින්දුවරුන් ගේ වහලෙක් හෝ කුලීකරුවක් හෝ නොවෙමි. මහාරාෂ්ට්‍ර බෞද්ධයන් අද එකිනෙකා අතර සුභ පැතුම් හුවමාරු කරගන්නා විට “ ජයා හිම් “ යනුවෙන් අම්බෙඩ්කාර් ගේ නම භාවිතයට ගැනීම සිරිතක් කරගෙන සිටිති. එතුමා හරිජන්වරුන් ගේ ගැලවුම්කරු වශයෙන් බෞද්ධ ලෝකයේ නො මැකෙන නමක් තබා ඇත.

විකිපීඩියා පිටුව B.R Ambedkar

තමන් සියල්ල දත් මහා උගතුන් ලෙස පෙනී සිටිනා පඬියන් ට දැන ගැනීම සඳහා එතුමාගේ උගත්කම මෙසේ සඳහන් කරන්නෙමු.

1. Elementary Education, 1902 Satara, Maharashtra

2. Matriculation, 1907, Elphinstone High School, Bombay Persian etc.,

3. Inter 1909, Elphinstone College,Bombay - Persian and English

4. B.A, 1913, Elphinstone College, Bombay, University of Bombay, Economics & Political Science

5. M.A, 1915 Majoring in Economics and with Sociology, History Philosophy, Anthropology and Politics as the other subjects of study.

6. Ph.D, 1917, Columbia University conferred a Degree of Ph.D.

7. M.Sc, 1921 June, London School of Economics, London. Thesis – ‘Provincial Decentralization of Imperial Finance in British India’

8. Barrister-at- Law 30-9-1920 Gray’s Inn, London Law (1922-23, Spent some time in reading economics in the University of Bonn in Germany.)

9. DSc 1923 Nov London School of Economics, London ‘The Problem of the Rupee – Its origin and its solution’ was accepted for the degree of D.Sc. (Economics).

10. L.L.D (Honoris Causa) 5-6-1952 Columbia University, New York For HIS achievements, Leadership and authoring the constitution of India

11. D.Litt (Honoris Causa) 12-1-1953 Osmania University, Hyderabad For HIS achievements, Leadership and writing the constitution of India

එතුමා විසින් රචිත ග්‍රන්ථ කියැවීමට පිවිසෙන්න Scribd හී අපේ පොත් එකතුව

මේ එතුමා විසින් රචිත ග්‍රන්ථයන්ගේ එකතුවයි.

Selected Works of Dr. B. R Ambedkar

Volume 1

Volume 2

Volume 3

Volume 4

Volume 5

Volume 6

Volume 7

Volume 8

Volume 9

Volume 10

Volume 11

Volume 12

Volume 13

Volume 14 Part 1

Volume 14 Part 2

Volume 15

Volume 16

Volume 17 Part 1

Volume 17 Part 2



මේ ඒ බෝධිසත්වයෙකු බඳු වූ එතුමා ගේ ජීවිතය අළලා නිර්මාණය වූ චිත්‍රපටයකි.



1 comment:

අදහස්